Monday, May 6, 2024

යහපාලන රඡය බිඳ වට්ටන්න බෑ -ඇමති රාජිත

මහාබැංකු අධිපති අර්ඡුන් මහේන්ද්‍රන් මහතා ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගෙන මෙම යහපාලන රඡය බිඳ නොවැටෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාඡිත සේනාරත්න මහතා සඳහන් කළේය.
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ 18 වන දින මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහිදි අමාත්‍ය වරයා වැඩිදුරයත් කියා සිටියේ මෙම ඡාතික රඡය තුළ විවිධ මතධාරින් සිටින බවයි. නමුත් ඡනාධිපති වරයා සහ අග‍්‍රාමාත්‍ය වරයා ඒ පිළිබඳව යහපාලන තීන්දුවක් ගනු ඇතැයිද අමාත්‍ය වරයා පැවසීය. ඡනතාව ලබා දුන් ඡයග‍්‍රණ ආරක්ෂා කරමින් ඡනතාවගේ අයිතිවාසිකම් ලබා දීමට යහපාලන රඡය සෑමවිටම ක‍්‍රියා කරන බවද අමාත්‍ය වරයා සඳහන් කළේය.
සෞඛ්‍ය සේවාවේ යටිතල පහසුකම් ලබාදීමේ දී යම් යම් ප‍්‍රශ්ණ ඇති බව පැවසූ අමාත්‍ය වරයා විශේෂඥ වෛද්‍ය වරුන්ගේ හිඟයක් පවතින බවද කිය. එදා රඡගෙදර සිට සෞඛ්‍ය අමාත්‍ය වරුන් කිහිප දෙනෙක් උපදෙස් දුන් නිසා අද වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලූ රැසක් පැනනැගි ඇතැයි කිය. තමා වෘත්තිය සමිති සමග එක්ව සාකච්ඡා කරමින් පවතින ගැටලූ නිරාකරණය කිරිමට කටයුතු කරන බවද සඳහන් කළේය.
තොන්ඩමන් මහතා රඡයට එක්වීමට යාම පිළිබඳව සමහරුන්ට ප‍්‍රශ්ණයක් පැන නැගී ඇතැයි  පැවසූ අමාත්‍ය වරයා  ඕනැම අයෙකුට යහපාලන රඡයත් සමග එක්ව කටයුතු කළ හැකි බව පෙන්වා දුන්නේය. ඡනාධිපති වරණ සමයේ ඡනාධිපති වරයාට බැණපු අය කීපදෙනෙක් අද රඡය තුළ සිටින්නේ දැයි විමසුහ. මෙවන් වාතාවරනයක් තුළ තොන්ඩමන් මහතා ඇමති ධුරයක් ගත්තත් අනෙක් අයට ප‍්‍රශ්නයක් නොවන බවද පැවසිය.
මහනුවර පිළිකා රෝහලේ ඉදිකිරිම් පමාවි ඇතැයි සඳහන් ලිපියක් මල්වතු මහානාහිමියන් විසින් අමාත්‍ය වරයාට ලබා දුන් අතර එම රෝහල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1200 ක් වෙන් කර ඇති බවත් රාඡ්‍ය ආයතනයක් හරහා එම ඉදිකිරීම් කඩිනමින් ඉදිකිරිමට කටයුතු කරන බවද අමාත්‍ය වරයා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles