Monday, May 6, 2024

පැටිකිරියට ලකුණු දී මාධ්‍යවේදීන්ට දෙන බයිසිකලය

යහපාලන ආණ්ඩුව මීට ටික දවසකට කලින් මාධ්‍යවේදීන්ට යතුරු පැදි ලබාදෙන බව පවසමින් ලිපි එවා තිබිණි. දැනගන්නට ඇති ආකාරයෙන් සලකා බලා තිබෙන නිර්නායකය වන්නේ වසර පහකට වැඩි කාලයක් මාධ්‍යවේදියෙක් ලෙස කටුයුතු කිරීමයි. එසේම තමන් සතුව වාහනයක් නොතිබීමයි.

එ්ත් වසර දහය, විස්ස ඉක්මවූ ඇතැම් අත්දැකීම් බහුල ප්‍රවීණ මාධ්‍යවේදීන්ට පවා ලිපි ලැබී නැත. ඒ වගේම යතුරු පැදි දෙන්නට සම්මුඛ පරීක්ෂණයකටද මුහුණ දිය යුතුය. දුර පළාත්වල මාධ්‍යවේදීන් අතින් ලොකු ලොකු වියදම් කරගෙන වාහන රැගෙන දිනකට කලින් පවා පැමිණ දහදුක් විඳ මේ සම්මුඛ පරීක්ෂණයට පැමිණ ඇත.

මේ සම්මුඛ පරීක්ෂණය සඳහා අමාත්‍යංශ සේවකයන් යොදවා ඇති අතර, මාධ්‍යවේදීන් පෙලගස්වන්නේ ඇමතිතුමාගේ ආරක්ෂකයන් විසින්ය. ඇතැම් මාධ්‍යවේදීන්ට සුන්දර ආකාරයෙන් ආමන්ත්‍රණය කර ඇති බවද වාර්තා වේ. මෙසේ දුක් විඳ සම්මුඛ පරීක්ෂණයට ආ වසර දහයකට වඩා අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙක්ගෙන් අපූරු ප්‍රශ්න අසා ඇත.

“කෝ මේ මාධ්‍ය අයිඩින්ටි තිබ්බට සේවා ලිපි නෑනේ..“

“සමහර අයනම් එන්නේ ලියුම් මිටි ගණන් අරගෙන..ඔයාට තියෙන්නේ අයි.ඩී ටික විතරද?“

අප දන්නා ලෙසට මාධ්‍යවේදීන්ට නිකුත් කරන හැඳුනුම්පත තරම් මාධ්‍ය අනන්‍යතාවය ප්‍රකාශ කරන වෙනත් සලකුණක් නොමැති. නමුත් මේ යතුරු පැදි සම්මුඛ පරීක්ෂණයට මාධ්‍යවේදීන් ගෙන්වන්නේ පැටිකිරිය කලින් පරික්ෂාකර බවත් දැනට උඩින් ආ ලයිස්තුවේ නැති මාධ්‍යවේදීන්ට හිස් අතින් ආපසු එන්නට සිදුවේ.

යහපාලනය වෙනුවෙන් සෑහෙන්න වෙහෙසවූ මාධ්‍යවේදීන් රොත්තකටම මෙසේ ආපසු හැරී එන්නට සිදුවීම තුලින්ම යතුරු පැදි ප්‍රදානයේ තරම පෙනෙන්නට ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles