Friday, May 3, 2024

ලබන සඳුදා රට විවෘත කරනවානම් සමාජ, ආර්ථික කටයුතු කරගෙන යන්න සැලැස්ම ඉදිරිපත් කරන්න – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ලබන සඳුදා (13) රට විවෘත කරන්නේ නම් ඊට පෙර නිසි පරිදි සැලසුම් සකස් කර ප්‍රසිද්ධියට පත් කිරීම සුදුසු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව පැවසුවේ, අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

රට ලබන සඳුදා විවෘත කරනවා නම් එදිනට රටේ සමාජීය, ආර්ථික කටයුතු කරගෙන යාමේදී කළ යුතු ආකරය පිළිබඳ ඒ, ඒ, අංශවල බලධාරීන් මේ වනවිට සැලසුම් සකස් කරලා ඒවා ප්‍රසිද්ධියට පත් කරලා තියනවා නම් මං හිතනවා රට ඇරීමට සුදුසු තත්ත්වයක් තියනවාද කියලා සෑහීමකට පත්වෙන්න පුළුවන් .එසේ නොවී රට විවෘත කිරීමෙනුත් ගැටලු සහගත තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ඒ වගේම රට විවෘත කිරීමට ගන්නා තීරණවලටත් බලපානවා ඒ නිසා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා කොයි මොහොතේ හෝ රට විවෘත කලොත් රටේ ඒ කරගෙන යන සමාජ ආර්ථික කටයුතු රෝගය බෝවීමට තුඩු දෙන ලෙසින් නොවීමට අවශ්‍ය සැලසුම් ඒ ඒ අංශ විසින් භාර අරගෙන කළ යුතුයි

Newsfirst.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles