Sunday, May 5, 2024

ලාංකික විද්‍යාඥවරියකට අමෙරිකා ජනපතිගෙන් ලැබුණු දේ

අමෙරිකානු ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අශානි වීරරත්න මහත්මිය, අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් පත් කර තිබෙනවා.

ඇය මේ වනවිට සේවය කරමින් සිටින්නේ කොවිඩ් දත්ත සම්බන්ධයෙන් දැනට වඩාත්ම පිළිගැනීමට ලක්ව ඇති ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේයි.

1988 වසරේදී අමෙරිකාවට පැමිණ ඇති අශානි වීරරත්න මහත්මිය ප්‍රථමයෙන් මේරිලන්ඩ් හි ශාන්ත මේරි විද්‍යාලයේ ජීව විද්‍යාව හදාරා තිබුණා.

ක්ෂූද්‍රජීව විද්‍යාව සම්බන්ධයෙන් අධ්‍යයන රැසක් සිදුකර ඇති ඇය ලෝක ප්‍රකට අධ්‍යයන රැසකටද සිය දායකත්වය සපයා තිබුණා.

මෙලනෝමා රෝගය සහ වයසට යෑම පිළිකාවට ඇතිකරන බලපෑම පිළිබඳ විශේෂඥතාවයෙන් යුත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරියක වන අශානි වීරරත්න ඇමරිකානු ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කටයුතු කිරීම සඳහා ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කර ඇති බව ධවල මන්දිරය සැප්තැම්බර් 15 දින නිවේදනය කර සිටියා.

එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ කොටසක් වන ජාතික පිළිකා ආයතනයේ අධ්‍යක්ෂවරයාට ජාතික පිළිකා වැඩසටහනේ ක්‍රියාකාරකම් පිළිබඳව උපදෙස් හා සහාය ලබා දීම ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ කාර්‍යභාරය වේ.

මෙලනෝමාවල වයසට යාමට අදාලව වයස්ගත වන ක්ෂුද්‍ර පරිසරය, මෙටාස්ටැසිස් හා ප්‍රතිකාර ප්‍රතිරෝධයට බලපාන්නේ කෙසේදැයි අධ්‍යයනය කළ පළමු පර්යේෂිකාව වන්නේ අශානි වීරරත්න වන අතර ඇයගේ පර්යේෂණ වලට අමතරව විද්‍යා ක්ෂේත්‍රය තුල විවිධත්වය වෙනුවෙන් කැපවී පෙනී සිටින්නියකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles