Thursday, May 2, 2024

විශාල ග්‍රාහයකයක් හෙට පෘථිවිය ආසන්නයෙන් ගමන් ගනී

අධික වේගයෙන් ගමන් කරන විශාල ග්‍රාහකයක් හෙට (18) පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් නාසා ආයතනය සිය Twitter ගිණුමේ පණිවිඩයක් තබා තිබෙනවා.

1994 PC 1 ලෙස නම් කර ඇති මෙම ග්‍රාහකය කිලෝමීටර 1.1ක් පමණ විශ්කම්භයකින් යුක්ත වන බවයි ඇමරිකාවේ නාසා ආයතනය නිකුත් කළ වාර්තාවල දැක්වෙන්නේ.

පෘථිවිය සහ සඳ අතර දුර මෙන් පස් ගුණයක දුරකින් ගමන් කරන මෙහි වේගය පැයට කිලෝමීටර 43,754ක පමණ බව මේ වන විට සිදු කරන ලද නිරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා

කෙසේවෙතත් තාරකා විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ, එය සාපේක්ෂව පෘථිවියට සමීපව ගමන් කළ ද ඉන් පෘථිවියට බලපෑමක් ඇති නොවන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles