Monday, April 29, 2024

තව දින තුනයි..

ශ්‍රී ලංකාව විසින් විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කර තිබුණද අද විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ දින තුනකට අදාල ආනයන සදහා පමණක් බව ඩේලි මිරර් පුවත් පත පවසනවා.

රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ඉල්ලා ඇතත් එම ආධාර කඩිනමින් නොලැබෙන අතර මාස හයත්-දොළහත් අතර කාලයක් ඊට ගතවනු ඇති බවත් එහි සදහන්.

ඒ හේතුවෙන් රජය මේ වන විට නැවත ඉන්දියාව සහ චීනය දෙසට හැරී සිටියි.

නවතම දත්ත අනුව මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.72ක් වන අතර ඉන් ප්‍රයෝජනයට ගත හැක්කේ ඩොලර් මිලියන 150ක් පමණි.

එය ප්‍රමාණවත් වන්නේ දින තුනකට අදාල ආනයන සදහා ගෙවීමට පමණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles