Friday, April 26, 2024

යොහානිට පසුව ජාත්‍යන්තරය ජයගත් ටාෂියා කාලිදාස

පාකිස්තානයේ රූගත කරනු ලබන Sinf-e-Aahan (women of steel) අයෝමය ගැහැණිය ටෙලි කතා මාලාවේ රංගනය සඳහා ජනප‍්‍රිය හා ලාබාල රංගන ශිල්පිනියක් වන ටාශියා කාලිදාසට අවස්ථාව හිමිව ඇත. එහි රූගත කිරීම් පසුගිය අගෝස්තු මාසයේදී පාකිස්ථානයේදී ඇරඹිණ. මෙම ටෙලි කතාව ශ‍්‍රී ලංකා යුද හමුදාවත් පාකිස්ථානයත් එක්ව කරනු ලබන නිර්මාණයකි. ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් ටාශියාට මෙම නිර්මාණයට සහභාගි වීමට අවස්ථාව ලබා දී ඇත. දැන් පකිස්ථාන මිල්ටරි ඇකඩමියේ තිබුණ ෂූටිං ඉවර කරල අවසන් අදියරේ රූගත කිරීම් සඳහා කරච්චි ඇවිදින් ඉන්නේ.ටාෂියා කාලිදාස පකිස්ථාන ටෙලි කතාවක මාස තුනක් තිස්සෙ ඉඳන් තවම රූගත කිරීම් සිදුවෙනවා යැයි ටාෂියා පැවසුවාය.

කොටස් විසිහයකින් යුතු මෙම ටෙලි කතා මාලාව රචනා කර තිබෙන්නේ උමේරා අහමඞ් විසිනි. මෙය පකිස්ථාන් ටෙලි නාට්‍ය කේෂත‍්‍රයේ දෙවන මිල අධික නිෂ්පාදන පිරිවැයක් දැරූ නිර්මාණයකි. මෙහි ඇය නිරූපණය කරන්නෙත් ආධුනික හමුදා නිලධාරිනියකගේ චරිතයක්. ජාත්‍යන්තරය තුළ මේ අයුරින් ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව ලැබුණු ඇය ඔහු මේ වන විට ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වෙමින් දෙස් විදේස් රසිකයන්කේ නොද ආදරය දිනා ගත් රංගන ශිල්පිණියක් බවට පත් වෙමින් සිටිනවා.

දාම්, ඉන්ටෙර්නටිඔනල් වැනි මෑතකදී විකාශය වූ ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වුණු මෙම සුරූපිණිය මේ වන විට ජාත්‍යන්තරය ජයගත් රංගන ශිල්පිනියක් බවට පත්වී තිබෙනවා .පකිස්ථානයට පැමිණි ශ්‍රී ලංකා යුද හමුදා කැඩෙට් නිලධාරිනියක ලෙස ඇය ශ්‍රී ලංකාවේ ධජයක් සහිත හමුදා නිල ඇඳුමක්ද ඇඳගෙන මෙහි රඟපාන්නීය.18 හැවිරිදි යෙහාලි ටාෂියා කාලිදාස 2022 වසරේදී උසස්පෙළට (පුද්ගලිකව) පෙනී සිටීමට සූදානමින් සිටින සිසුවියක වන අතර මහනුවර පදිංචිකාරියකි.ඇය වෙළෙඳ දැන්වීම් කිහිපයක් නිසා ප්‍රකට විය.

ඇයගේ සම්පුර්ණ නම යෙහාලි ටාෂියා කාලිදාස. ඒවගේම යෙහාලි තවම ඉගනගන්නවා 2022 වසරේදී තමයි ඇය උසස්පෙළට පෙනී ඉන්නේ. ඇය දාම් ටෙලි සිත්තම හරහාද අපිට දැකගැනීමට ලැබුනා. ඒ වගේම ඉතින් මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන චලෝ ටෙලි සිත්තම හරහාද දැක ගැනීමට ලැබෙනවා. මීට කලින් ඇය බොහෝ දෙනා හඳුනා ගත්තේ රූපවාහිනී දැන්වීමක් හින්දා.

ටාශියාට රංගන වරම් ලැබෙන්නේ හරි අපූරු විදියකට ඒගැන ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තටම ඒක වෙනස් වැඩක් තමයි. දවසක් මගේ ෆොටෝස් ඉන්ටග්‍රෑම්එකෙන් දැකලා චතුර ෆෙරෝෂ් මට කතාකරනවා. මගේ මුල්ම වෙළෙද දැන්වීම තමයි ‘චෙකර්ස් කුකීස්’. ඊට පස්සේ ‘කොමර්ෂල් බෑන්ක්’, ‘Hutch’, ‘පෙප්සි’, ‘මෝර්ටීන්’, ‘පීසා හට්’, ‘සතොස’, ‘AMW’, ‘SLTC Campus’, ‘සන්ලයිට්’, ‘මැගී පපරේ කොත්තු’, ‘MD සෝස්’ කියන වෙළෙඳ දැන්වීම් කිහිපයකටම දායක වෙනවා. ඊට පස්සේ තමයි මම ඉන්ටර්නැස්නල් ටෙලිඩ්‍රාමා එකට එකතු වෙන්නේ. ඇත්තම කියනවනම් අම්මා තමයි මාව ගොඩක් උනන්දු කළේ ඒකට සහභාගී වෙන්න.” කියලායි. ඒවගේම ලංකාවේ ජනප්‍රිය වීඩියෝ සන්නමයක් වන ‘ජනයි ප්‍රියයි’ ගේ රොබින්-හුඩ් වීඩියෝවේ මැරියන් ලෙස රඟපාන්නෙත් ඇය.

මැණිකේ මගේ හිතේ ගීතයෙන් පස්සේ යොහානිට සංගීතය හරහා ජාත්‍යන්තරය විවර වුණා සේම ටාෂිට ජාත්‍යන්තරය තුළ රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න මේ හරහා අවස්ථාව ලැබේවි යැයි බොහෝ දෙනා අදහස් දක්වා තිබුණා .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles