Friday, April 26, 2024

80න් පසු ක්‍රියාත්මක වන දැවැන්ත වැඩවර්ජනයට සියල්ල සූදානම්.

GMOA එකත් එයි! දුම්රිය දෙපාර්තමේන්තුව වැට උඩ….! වෘත්තිය සමිති 1000ක්…!

මෑත ඉතිහාසයේ එනම් 1980 ජුලි වැඩවර්ජනයෙන් පසු සමස්ත රාජ්‍ය සේවය ආණ්ඩුවට විරෝධය පාමින් අනෙකුත් අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහයත් හෙට (28) දිනයේදී දැවැන්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කරයි.

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් ‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාව යටතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති අතර, වෘත්තීය සමිති දහසකට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා එක්ව සිටින බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසීය.

අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, බැංකු, තැපැල්, සමෘද්ධි, සංවර්ධන නිලධාරී, කම්කරු ආදී සෑම ක්‍ෂේත්‍රයකම පිරිස් මෙම වැඩවර්ජනයට එක්ව සිටිති. වෘත්තීය සමිති 1000කට වැඩි ප්‍රමාණයක් මෙම වර්ජනයට එකඟතාව පළ කර ඇත. මීට අමතරව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ වෘත්තිකයන් රැසක් හෙට දිනයේ වැඩවර්ජනයට සහාය පළකරයි.

රෝහල්වල ද සේවකයන් ද සියයට 50ක් පමණ මෙම වැඩවර්ජනයට එක්වන නමුත් රෝහල් සේවා අඩාල නොවන අයුරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ද කුමුදේශ් මහතා පැවසීය.

සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයින් කළු ඇඳුමින් සැරසී හදිසි ප්‍රතිකාර කටයුතුවල යෙදෙන බව ද රවි කුමුදේශ් මහතා කීවේය.සියලුම රෝහල් ඉදිරිපිට අද දහවල් 12.00 සිට උද්ඝෝෂණ හා පා ගමන් පැවැත්වෙන අතර,රට පුරා නගරවලදී ද විරෝධතා සංවිධානය කර තිබේ.

වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති විසින් සංවිධානය කරන දැවැන්ත විරෝධතාවයක් හා විරෝධතා රැලියක් හෙට දහවල් 12.00ට කොටුව දුම්රියපල ඉදිරිපිට දීදපැවැත්වීමට නියමිතය. මීට අමතරව වැඩ වර්ජනයේ නිරත වෘත්තීය සමිති කොළඹ ලිප්ටන් වටරවුම ආදී ස්ථාන ගණනාවක සිට විරෝධතාවල නිරතවී ගාලුමුවදොර ජන අරගල භූමිය දක්වා පා ගමනින් ගොස් එම විරෝධතාවට එක්වීමට ද සැලසුම් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles