Sunday, April 28, 2024

ලංකාව මෙන් වලේ නොවැටෙන්න කළ යුතු දේ ගැන ඉම්රාන් ඛාන් කියයි.

පාකිස්තානය තවදුරටත් අර්බුදය කරා ගමන් කිරීමට වැළැක්වීමට නම් වහා නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් කැඳවිය යුතු බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. සිය නිල ට්විටර් අඩවියේ සටහනක් තබමින් ඔහු මේ පවසා ඇත.
‘මේ මතුවී ඇති වියවුල් විසඳා ගැනීම ගැන කතාකරද්දී ගත හැකි එකම විසඳුම ලෙස මම පැහැදිලිව යෝජනා කරන්නේ ඉක්මනින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා දින යෝජනා කළයුතු බවයි.
පාකිස්තාන රජයට මම එය පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි.‘ හිටපු අග්‍රාමාත්‍යරයා සිය ට්විටර් සටහනෙන් අවධාරණය කර ඇත.
ඉම්රාන් ඛාන් තවදුරටත් පෙන්වා දෙන්නේ මුදල් විශුද්ධිකරණය මගින් කුමන්ත්‍රණකාරී කණ්ඩායම් ජනතාවට දැරිය නොහැකි උද්ධමනයක් රට තුළ ගොඩනංවා ඇති බවයි.
මෙලෙස අපහරණයට භාජනය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1100 ක් පමණ බව හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
‘අපේ රට ශ්‍රී ලංකාවේ තත්ත්වයට ඇදවැටෙන්න ඉස්සර කළයුතුව තිබෙන්නේ ඡන්දයකට ගිහින් මෙම තත්ත්වය විසඳා ගන්න එකයි. අපිට ඒ තත්ත්වයට ඇදනොවැටී සිටීමට තවත් ටික කාලයක් ඉතිරිවෙලා තිබෙනවා.‘ ඔහු තවදුරටත් පවසා තිබේ.
ධුරයෙන් පහකළ හිටපු අග්‍රාමාත්‍යවරයා වර්තාමනයේ පාකිස්තානයේ බලය අත්පත් කරගෙන සිටින දේශපාලන රෙජීමය හෙළා දැක ඇති අතර ඔවුන්ගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත විවේචනය කරමින් සිය අදහස් දක්වා තිබිණි.
ඒ පසුගිය සෙනසුරාදා ඉස්ලාමාබාද් නුවර පැරඩේ ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ තම දේශපාලන පක්ෂ රැස්වීමක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් ඔහු අවධාරණය කර තිබුණේ තමන් රාජ්‍ය ආයතන විවේචනය කරමින් ඔවුනට එරෙහිව සටන් නොකළද රට හා ජාතිය සොරුන්ගෙන් ගලවා ගැනීමේ වගකීමෙන් මිදීමට එකී ආයතනයන්ට නොහැකි බවයි.
දූෂණවලට එරෙහිවීම තමන්ගේ වගකීමක් පමණක් නොවන බව පවසා තිබූ ඔහු පාකිස්තානය තුළ නිර්මාණයවී ඇති අර්බුද අමෙරිකානු කුමන්ත්‍රණ ද බලපෑම්ක් වී ඇති බව එහිදී වැඩිදුරටත් පවසා තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles