Monday, April 29, 2024

ඉන්දියාවෙන් ඇෆ්ගනිස්තානයට අඛණ්ඩ ආධාර

ඉන්දියාව විසින් හත් වැනි වරටත් ඇෆ්ගනිස්ථානය වෙත ලබාදෙන වෛද්‍ය සහනාධාර ක්‍රමය යටතේ මෙට්ට්‍රික් ටොන් හයක වෛද්‍ය සැපයුම් තොගයක් එරටට පිරිනැමීය.
මෙම වෛද්‍ය ආධාර තොගය කාබුල් හි ඉන්දිරා ගාන්ධි රෝහලට ලබාදීම පසුගියදා සිදුකෙරිණි.
‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි ඉල්ලීමකට අනුව ඇෆ්ගනිස්ථාන ජනතාව වෙනුවෙන් මෙම ඖෂධ, වෛද්‍ය උපකරණ ඇතුළු වෛද්‍ය සහනාධාර තොගය කාබුල් වෙත යැවීමට ඉන්දීය රජය කටයුතු කර තිබේ.
ඒ අනුව අදාළ ආධාර තොගයට ජීවිතාරක්ෂ වෙනුවෙන් අනිවාර්යයෙන් අවශ්‍ය ඖෂධ, ක්ෂය රෝගයට එරෙහි ඖෂධ, කොවිඩ් එන්නත් ලක්ෂ පහක් ඇතුළු වෛද්‍ය උපකරණ ඇතුළත්ය.
ඊට අතිරේකව ඇෆ්ගන් ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් තිරිඟු පිටි මෙට්ට්‍රක් ටොන් තිස් පන්දහසක් සැපයීමටද ඉන්දියාව කටයුතු කළේය.
පසුගියදා ඇෆ්ගනිස්ථානයට බලපෑ දරුණු භූ කම්පනයෙන් පසු එරටට ආධාර ලබාදීම සඳහා පළමුව ඉදිරිපත් වූ රාජ්‍ය ඉන්දියාව වූ අතර ටොන් 28ක බරින් යුතු ජීවිතාරක්ෂක උපකරණ, කූඩාරම්, ඖෂධ ඇතුළු සහන සේවකයන් කාබුල් වෙත යැවීමට ඔවුන් කටයුතු කළේය.
මීට අතිරේකව වෛද්‍ය හා ආහාර අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය ලබාදීමට ඉන්දියාව කටයුතු කරන බවත් එක්සත්ජාතීන්ගේ ඒජන්සිය හා ඇෆ්ගනිස්ථාන සම්බන්ධීකරණය යටතේ එම කටයුතු අඛණ්ඩව ඉදිරියේදීත් ක්‍රියාකරන බව ඉන්දීය රජයේ වාර්තා උපුටා දක්වන විදෙස් පුවත් වාර්තා සඳහන් කරයි.
පසුගිය මාසයේ 22 වැනිදා රික්ටර් මාපකයේ 5.9 ක් ලෙස සටහන් වූ ප්‍රබල භූ කම්පනයක් සිදුවූ අතර එයට කාබුල්, බර්මාල් සහ සියැන් දිස්ත්‍රික් ගොදුරුවිය. ඉන් මරණය පත්වූ පිරිස දහසකට අධිකය. නිවාස දස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ කළ මේ භූකම්පනය හේතුවෙන් පුද්ගලයන් 1455 ක් තුවාල ලැබ තිබේ.
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට ප්‍රබලව බලපෑ මෙම භූකම්පනය වාර්තාවූයේ පසුගිය සිකුරාදා අළුයම් කාලයේ ය. එම භූකම්පනයෙන් විපතට පත් ජනතාව ගලවා ගැනීම සඳහා සහන සේවකයන් කණ්ඩායම් දෙකක් ද කාබුල් වෙත යැවීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබුණේ ය.
දින දෙකක කාලයක් තුළ මෙලෙස විපතට පත් ජනතාව ගලවා ගැනීම ඉලක්ක කරගනිමින් සහන කණ්ඩායම් එරටට පිටත් කරයැවීමට ඔවුන් කටයුතුකර තිබිණි. මෙලෙස එරටට යවන ලද සහනාධාර අතර සැත්කම් 5400 කට සැත්කම් සිදුකළ හැකි හා මාස තුනක කාලයක් තිස් හය දහසකට ප්‍රතිකාර කිරීමේ පහසුකම් වලින් සමන්විත විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles