Monday, April 29, 2024

මෝදි සහ ජොන්සන් ත්‍රස්තවාදය මැඩීමට එක්වෙති.

සියලු ආකාරයෙන් ත්‍රස්තවාදයට අනුබල දෙන, මුදල් සපයන හෝ සමාවදීම් සඳහා සම්මුති විරහිතව දැඩි දඬුවම් ලබාදීමට සහ ඒ පිළිබද වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එකග වී තිබේ.

පසුගියදා අගමැතිවරැන් දෙදෛනා අතර පැවති හමුවෙන් පසුව ඉන්දියාව සහ එක්සත් රාජධානිය නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනයක දැක්වුණේ “ත්‍රස්තවාදී ආරක්ෂිත ස්ථාන සහ යටිතල පහසුකම් මුලිනුපුටා දැමීමටත්, ත්‍රස්තවාදී ජාල සහ ඔවුන්ගේ මූල්‍ය මාර්ග කඩාකප්පල් කිරීමටත්, ත්‍රස්තවාදීන් දේශසීමා හරහා ගමන් කිරීම නැවැත්වීමටත් එක්ව ක්‍රියා කළ යුතු බවයි.

ත්‍රස්තවාදී ප්‍රහාරවලට වගකිවයුත්තන් ක්‍රමානුකූලව සහ කඩිනමින් යුක්තිය ඉදිරියට ගෙන ඒමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවලදී අවධාරණය කර තිබේ.

ගෝලීය වශයෙන් තහනම් කර ඇති ත්‍රස්තවාදී ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව සාමූහික ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට දෙපාර්ශවය මෙහිදී එකග වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

ත්‍රස්තවාදී ආයතන සහ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම ඇතුළුව, ත්‍රස්තවාදයට එරෙහි ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම (JWG-CT) හරහා ඇති වී ඇති සහයෝගිතාව වැඩිදියුණු කිරීමට ද නායකයන් දෙදෙනා මෙහිදී එකග වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles