Saturday, April 27, 2024

ඉන්දීය රුපියල ඩිජිටල් වේ

ඉන්දියානු සංචිත බැංකුව විසින් පසුගිය දෙසැම්බර් 01වැනිදා සිට, ‘ඩිජිටල් රුපියලක්'(භෞතික නොවන ක්‍රමයට භාවිත කළ හැකි) හඳුන්වාදී ඇත. එය ඉන්දීය සංචිත බැංකුවේ ‘ඩිජිටල් මුදල්’ ලෙස හඳුන්වාදී තිබේ.

ඩිජිටල් රුපියල නියමු ව්‍යාපෘති ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ඉන්දියානු සංචිත බැංකුව විසින් එරට වාණිජ බැංකු හතරකට අවසර දී ඇති බව වාර්තා සඳහන් කරයි.

මෙම නව මුදල් ඒකකය ඔස්සේ ගෙවීම් සඳහා තවදුරටත් තමා සන්තකයට මුදල් රැස්කිරීම අවශ්‍ය වන්නේ නැත. ඒ වෙනුවට වෙනත් පුද්ගලයන් සහ ආයතන සමඟ ගිණුම් හරහා ඩිජිටල් රුපියල භාවිත කරමින් ගනුදෙනු කිරීමට ඉන්දියානුවන්ට හැකියාව ලැබේ.

ඒ අනුව, මුදල් ගෙවීම සඳහා, පුද්ගලයන්ට, ක්ෂුද්‍ර, මධ්‍යම සහ කුඩා ව්‍යවසායකයන්ට හෝ වෙනත් අයට භෞතිකව තම බැංකුවලට හෝ ATM යන්ත්‍රවලට ගොස් ඔවුන්ගේ ගිණුම්වලින් මුදල් ලබා ගැනීමට අවශ්‍ය නොවේ. ඒ වෙනුවට ගිණුමකින් ගිණුමකට පහසුවෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙමින් මුදල් හුවමාරු කළ හැකිය.

මෙම පහසුකම ලබා දීමට බලය ලත් බැංකු සමඟ මෙම සේවාව සඳහා ලියාපදිංචි වූ පසු, ගනුදෙනුකරුවන්ට ඩිජිටල් රුපියල් යැවීමට හෝ ලබා ගැනීමට හැකියාව ලැබේ. ඩිජිටල් රුපියල් භාවිතා කරන්නන්ට කිසිදු බැංකුවක ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය නොවන බව සැලකිව යුතු කරුණකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles