Wednesday, May 1, 2024

පාකිස්තානයේ ආර්ථික අර්බුදය ගැන නව අනාවරණයක්

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාලන සමයේදී පාකිස්ථානයේ නොසැලකිලිමත් ආර්ථික ප්‍රතිපත්ති සහ අධික ලෙස වියදම් කිරීම්, රටේ ණය සේවාකරණය කෙරෙහි පෙර නොවූ විරූ ලෙස බලපෑම් ඇති කර ඇති බවත් එය එරට ආර්ථික අර්බුදය උග්‍ර කර ඇති බවත් විශේෂඥයෝ පෙන්වා දෙති.

ආසියානු සංවර්ධන බැංකු (ADB) වාර්තාවකට අනුව පාකිස්තාන ණය-දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය 2020 දී සියයට 88 දක්වා ඉහළ ගොස් තිබේ.

ADB හි “COVID-19 සහ CAREC කලාපයේ ආර්ථික ප්‍රතිසාධන විභවයට අනුව, කොවිඩ් වසංගතය තුළ පාකිස්තානය ඩොලර් බිලියන 10 කට වඩා ණය ලබා ගෙන ඇති අතර පාකිස්තානයේ ණය සේවා අවශ්‍යතා ඉහළම අගය වන USD බිලියන 15 ක් වී ඇත.

පකිස්ථාන රාජ්‍ය බැංකුවට (SBP) අනුව බලයෙන් නෙරපා හරින ලද පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් රජය සිය වසර තුනහමාර තුළ රාජ්‍ය ණය ප්‍රමාණයට පාකිස්තාන රුපියල් ට්‍රිලියන 18 කට වඩා එකතු කර ඇති අතර, එය ඕනෑම රජයක් විසින් රැස් කරන ලද ඉහළම ප්‍රමාණය වේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන්,පාකිස්තාන රජයේ ණය 2022 පෙබරවාරි වන විට ට්‍රිලියන 42.8 දක්වා ඉහල ගියේය.

2018 සැප්තැම්බර් සිට 2022 පෙබරවාරි දක්වා පාකිස්තානයේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය සියයට 73 කින් විශාල ලෙස වැඩි වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles