Saturday, April 27, 2024

සුඩානයේ සාම සාධක බලකායට ඉන්දියානු සෙබළියෝ එක්වෙති

එක්සත් ජාතීන්ගේ අන්තර්වාර ආරක්ෂක හමුදාවේ සුඩානයේ සහ දකුණු සුඩානයේ අබෙයි හි කාන්තා සාම සාධක කරටයුතු වෙනුවෙන් ඉන්දියානු කාන්තා බලඇණියේ සෙබළියන් කණඩායමක් අනුයුක්ත කර තිබේ.

එම කණ්ඩායමට සංඥා බලකායේ මේජර්වරියක් සහ ඉංජිනේරු බලකායේ කපිතාන්වරියක් ඇතුළුව කාන්තා හමුදා නිලධාරිනියන් දෙදෙනෙකුද ඇතුළත් වේ.

මෙම කණ්ඩායමට හමුදා පොලිස් බලකායේ (CMP) සහ ඇසෑම් රයිෆල්ස් ඒකකයේ කාන්තා සෙබළියන් 25 දෙනෙකු ද ඇතුලත්ව සිටින බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීහු පවසති.

ගැටුම් තත්ත්වයකදී වැඩිපුරම පීඩාවට පත්වන කාන්තාවන් සහ ළමුන් සම්බන්ධ තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලවල පාබල බලඇණි කණ්ඩායම් සමඟ කාන්තාවන් සහභාගීත්ව කණ්ඩායම් යෙදවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමාජික රටවලින් ඉල්ලා තිබේ.

එම කාන්තා කණ්ඩායම් වෙත ලබා දී ඇති කාර්යයන් අතර ඒකාබද්ධ මුර සංචාර පැවැත්වීම, දේශීය කාන්තාවන් හෝ ගැහැණු ළමයින් සමඟ සංවාදය, මානුෂීය අර්බුදවලදී උපකාර කිරීම සහ තොරතුරු රැස් කිරීම ඇතුළත් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles